UPDATE:ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 14 ක් මරුට...

UPDATE: අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 14 ක් මරුට...

by Sagarika Chathumali 06-06-2021 | 10:24 AM

COLOMBO (NEWS1ST) :  අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇත. මේ අතර දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 245,212කට පීඩාවට පත්ව සිටින අතර පවුල් 3520 ක පුද්ගලයින් 15,658ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.