ෆාසෝ රාජ්‍යයේ වැසියන් 130 කට වැඩි පිරිසක් මරුට

සන්නද්ධ ප්‍රහාරයකින් ෆාසෝ රාජ්‍යයේ වැසියන් 130 කට වැඩි පිරිසක් මරුට

by Staff writer 06-06-2021 | 8:55 AM

News 1st - සන්නද්ධ ප්‍රහාරයකින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිවිල් වැසියන් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ, තමා මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවය. බර්කිනා ෆාසෝ හී උතුරු ප්‍රදේශයේ පිහිටි සොල්හාන් ගම්මානයට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් මෙම ඝාතනය සිදු කර තිබේ. රාත්‍රියේ ගම්මානයට කඩා වැදුණු ඝාතයකින්, නිවාස සහ වෙළඳසැල් ද ගිනි තබා ඇතැයි සඳහන් විය. බර්කිනා ෆාසෝ රජය පෙන්වා දෙන්නේ, වසර කිහිපයක් තුළ එරටින් වාර්තා වූ ම්ලේච්ඡතම සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීම මෙය බවයි. “නපුරේ බලවේගයන්ට එරෙහිව සියල්ලන් එක්සත් විය යුතු” බව අවධාරණය කළ බර්කිනා ෆාසෝ ජනාධිපති රොච් කබෝර්, එරටට දින 03ක ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැතත්, වසර කිහිපයක සිට ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් බර්කිනා ෆාසෝ රාජ්‍යයට එල්ල වන්නේ දැඩි බලපෑමකි.