by Staff writer 06-06-2021 | 2:20 PM
News 1st - ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, මීටර 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ක්‍රීඩිකාවක් වාර්තා කළ ලොව දෙවැනි වේගවත්ම කාලය සටහන් කළා ය.
ඒ, එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පැවැති තේරීම් තරගයකදී තත්පර 10යි දශම 6යි 3ක දක්ෂතාවක් දක්වමිනි.
1988 වසරේදී තත්පර 10යි දශම 4යි 9ක කාලයක් වාර්තා කළ අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර්, මීටර 100 ය කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියයි.
2019 දෝහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ය කාන්තා ධාවන ඉසව්ව ජය ගත් 34 වියැති ශෙලී ඈන්, ඔලිම්පික් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා සිටී.