ඊයේ රිය අනතුරු 6කින් 6ක් මරුට..

පූර්ණ සංචරණ සීමා කාලයක සිදු වූ වැඩිම මාරක රිය අනතුරු ගණන ගෙවුණු දිනයේදී..

by Hashini De Mel 06-06-2021 | 2:55 PM

COLOMBO (News 1st) - පූර්ණ සංචරණ සීමා කාලයක සිදු වූ වැඩිම මාරක රිය අනතුරු ගණන ඊයේ(05) වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම රිය අනතුරු ගණන 06 ක් බවය. එම මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. කුරුණෑගල, ගල්නෑව, වටවල, නුවරඑළිය, යක්කල හා වාද්දුව යන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව අදාළ රිය අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.