නිරෝධායන නීති කැඩූ 995ක් ඊයේ කොටු

කොළඹට එන වාහනවල අඩුවක්: නිරෝධායන නීති කැඩූ 995ක් ඊයේ අත්අඩංගුවට

by Hashini De Mel 06-06-2021 | 11:52 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 995ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම අත්අඩංගුවට ගත් 995 දෙනාගෙන් පුද්ගලයින් 138ක් මාතලේ ප්‍රදේශයෙනුත් 129ක් මහනුවර ප්‍රදේශයෙනුත් 75 ක් නිකවැරටිය ප්‍රදේශයෙනුත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. නිරෝධායන නීති ආරම්භ කළ මුල් දිනෙය් සිට මේ දක්වා කාලය තුළ, එනම් පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 23,495 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ නීති ක්‍රියාත්මක වන සාමාන්‍ය දිනයකදී කොළඹට පැමිණෙන වාහනවලට වඩා ඊයේ (05) දිනෙය්දී වාහන පැමිණීමේ අඩුවක් පැවතුන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.