ස්පුට්නික් V ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය

ස්පුට්නික් V එන්නත ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය

by Staff writer 05-06-2021 | 2:21 PM

News 1st - ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ නිපදවීම සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රුසියාවේ නිෂ්පාදිත එම එන්නත නිෂ්පාදනය සඳහා එරට සීරම් ආයතනයට අවසර ලැබී ඇති බවයි. ඒ අනුව පූනේහි පිහිටි කර්මාන්ත ශාලාවේ ස්පුට්නික් එන්නත පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන බව සඳහන් ය. ලබා දී ඇති බලපත්‍රය මගින් එන්නත පරීක්ෂා කිරීම සඳහා නිෂ්පාදනය කළ හැකි අතර එය අලෙවි කිරීමට මේ වන තෙක් සීරම් ආයතනයට අවසර ලබා දී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මේ වනවිට ඉන්දීය සීරම් ආයතනය ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කර අලෙවි කරනු ලබයි.