by Staff writer 05-06-2021 | 9:32 PM
COLOMBO (News 1st) - අදට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවය දීම සිදුවන මෙවන් යුගයක අප රටේ ඒ පිළිබඳ අවධානය යොමු නොවීම කණාගාටුවට කරුණක් බව විපක්ෂ නායකවරයා පවසයි.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, හරිත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කැපවීමෙන් හා වගකීමෙන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන බවය.