COLOMBO (NEWS1ST) : අධික වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (04) රත්නුපර, අයගම නාය යාමෙන් පුද්ගලයින් දෙදෙනකුට ජීවිත අහිමි වූ අතර අයගමදීම දියේ ගිලීමකින් තවත් පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර අද (5)අරණායක , දෙවනගල ප්‍රදේශයේ නායයාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකුට ජීවිත අහිමි විය.
ඊට අමතරව අද දිනයේ වරකාපොළ, අල්ගම දී සිදුවූ නායයාමකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ, එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8 ක පවුල් 54,126 ක පුද්ගලයින් 219,027 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි.
මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 69ක පුද්ගලයින් 15,499 දෙනෙකු රඳවා සිටින අතර ආපදා තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ තවත් 2,471 දෙනෙකු ඥාති නිවසේවල නවාතැන් ගෙන සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
