නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ

අවධානයට: නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙන්න..

by Staff writer 05-06-2021 | 8:55 PM

COLOMBO (News 1st) - අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ, ? කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ? රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, ? කොළඹ දිස්ත්‍රික්කය සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ? කළුතර දිස්ත්‍රික්කය වලල්ලාවිට හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ? කෑගල්ල දිස්ත්‍රික්කය ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ? නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රත්නපුර දිස්ත්‍රික්කය අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීට අමතරව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.