අවදානම් තත්ත්වයේදී ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද ?

අවදානම් තත්ත්වයේදී ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද ?

by Staff writer 05-06-2021 | 10:34 PM

COLOMBO (NEWS1ST) :  කොරෝනා උවදුර සමග කටයුතු කරන මෙවන් ආපදා අවස්ථාව ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසන්නේ, මෙවන් ආපදා අවස්ථාවක රතු අවදානම් පවා පිළිනොගන්නා ඇතැම් පිරිස් සිටින බවයි.
''සමහරු තාමත් මේ රතු අවදානම් පිළිගන්නේ නැහැ. අපේ දැනුම් දිම පිළිගනනේ නැතුව ඒ නිවෙස්වලම රැඳී සිටිනවා. ගංවතුර අවදානම් ප්‍රදේශවල ඉන්න අයටත් දැනුම් දිලා තියෙනවා. කොරෝනා උවදුර සමග කටයුතු කරන අවස්ථාවක් . ඒක නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා උපදෙස් අනුව කටයුතු කරන්න.''
අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් යම් අපසුතාවකට පත්ව සිටීනම්, වහාම 117 දුරකතන අංකය අමතන ලෙසයි.