සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Chathuranga Rajapaksha 05-06-2021 | 7:18 AM

COLOMBO (News 1st): අත්තනගලු ඔය, කළු ගඟ ද්‍රෝණිය හා කැලණි ගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.