ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයෙක් ඕස්ට්‍රේලියාවෙන්

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ඕස්ට්‍රේලියාවෙන්

by Staff writer 04-06-2021 | 9:04 PM

News 1st - සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

එරට බලධාරීන් සඳහන් කළේ, මෙල්බර්න් නගරයෙන් පළමු වරට මෙම වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු වාර්තා වූ බවයි. කොවිඩ් ප්‍රභේද 4 කින් සමන්විත ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉන්දියාව තුළ ද පැතිර ගියේ ය. මෙම වෛරස් ප්‍රභේදයේ ලක්ෂණය නම් ඉතා පහසුවෙන් සහ ඉක්මණින් පැතිර යාමයි.