by Sagarika Chathumali 04-06-2021 | 9:21 PM
COLOMBO (NEWS1ST) : පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේ.
මේ අතර පසුගිය කාලයේ ඉන්දියවේ සහ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන් සඳහා පනවා ඇති තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති.