COLOMBO (News 1st) - ගිනිගෙන ආපදාවට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි කටයුතු සඳහා රජයේ විමර්ශන කණ්ඩායමක් අද(04) නෞකාව ඇති ස්ථානයට ළඟා විය.
ඒ, සාගර පරිසරයට සිදුව ඇති බලපෑම සොයා බැලීම සඳහා ස්ථානීය නිරීක්ෂණයකට පහසුකම් සලසල ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුවයි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද එම ස්ථානයට ළඟා වුණේ සමුද්‍රාරක්ෂා නෞකාවෙනි.
නැවේ තෙල් විසිරීමක් සිදු වුණහොත් ඊට ඇති සූදානම කුමක් ද?
වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,
ඉන්දියානු කොස්ටල්ගාඩ් එකේ නැව් 03 කුත් සැල්වේජ් කණ්ඩායමේ නැව් 3 කුත් නාවික හමුදාවත් අපේ ටග් යාත්‍රාවත් මේ තුළ ඉන්නවා යම් තෙල් කාන්දුවීමක් වුණොත් ඒකට අවශ්‍ය කරන තෙල්ටික පරිසරයට හානියක් නොවන ආකාරයට ලබාගෙන ඒක අවශය කරන කටයුතු ටික සුදානම් කරන්න. නමුත් මේ වනවිට එවැනි කාන්දුවීමක් අපිට ඒ අය වාර්තා කරන විදියට වෙන්නේ නැහැ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා,
මේ තියෙන තත්ත්වයේදී තෙල් කාන්දුවක් හෝ මොන තත්ත්වයක් ඇති වුණත් කාලගුණික වෙනසක් ආවොතින් අපිට තියන ඔප්ශන් එක හරි අඩුයි. බූම්ස් හෝ අඩුම ගානේ ස්ප්‍රේ කරන්නවත් බැරි වෙයි.
හිටපු ජාත්‍යන්තර උපසභාපති රොහාන් අබේවික්‍රම මහතා,
වරලත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනය සාමාන්‍යයෙන් බූම්ස් දාන්න බැරිනම් බැරිනම් ඔය Fuel Tanks සීල් කරන්න ඕනේ නැත්තං ඒ ටික හිස් කරන්න ඕනේ. ඒ දෙකම සිද්ධ වෙලා නැහැ නේද?
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරියේ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා,
ඉස්සෙල්ලා බලාගන්න ඕනේ මේ තෙල් ටැංකිය තාම Impact තියෙනවද කියලා. එහෙම නැත්නම් ගිනි අරගෙන තියනවද කියලා. ඒක හොයාගන්න තාම යන්න බැහැ. ඒක හරියමට දැනගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟට මොකක්ද කරන්නේ කියලා බලන්න.