ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සෞඛ්‍යාධාර තොගයක්

ඔස්ට්‍රේලියානු රජය පිරිනැමූ සෞඛ්‍යාධාර තොගය මත්තලදී ඇමති නාමල් භාරදෙයි

by Sagarika Chathumali 04-06-2021 | 10:05 PM

COLOMBO (NEWS1ST) : ඔස්ට්‍රේලියානු රජය මෙරටට පිරිනැමූ සෞඛ්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් අද (04) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.

මෙම සෞඛ්‍යාධාර තොගය භාරදීම සිදු කෙරුණේ, මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔස්ට්‍රේලියානු රජය කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින මෙරට  ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා මෙම සෞඛ්‍යාධාර තොගය පිරිනමා ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍යාධාර තොගය  අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා භාර ගෙන එම අවස්ථාවේදීම  අදාළ සෞඛ්‍යාධාර තොගය සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත භාර දී  ඇතැයි, ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. ඔස්ට්‍රේලියානු C-17 ගුවන් යානය මගින් මෙරටට ගෙන එනු ලැබූ ටොන් 2.3ක් වන මෙම සෞඛ්‍ය ආධාර තොගයට මුව ආවරණ සහ PPE Kit දහස් ගණනක් අන්තර්ගත ය.‍ මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිට ඇත.