අයහපත් කාලගුණයෙන්  පුද්ගලයින් 130,672ක් පීඩාවට

අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 130,672ක් පීඩාවට

by Staff writer 04-06-2021 | 6:33 PM

COLOMBO (NEWS1ST) : අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 05 ක පුද්ගලයින් එක්ලක්ෂ 30672 කුට බලපෑම් එල්ලවී ඇතැයි , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ , ගම්පහ , පුත්තලම , කොළඹ , කළුතර හා රත්නපුරයි. අධික වැසි හමුවේ , පවුල් 1119 ක පුද්ගලයින් 5067 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සඳහා නිව්ස් ෆස්ට් කණ්ඩායම් මේ වන විට විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටී. මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 13 ක් අනියුක්ත කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ ය.