තවත් කොරෝනා මරණ 48 ක්...

අද (04) කොරෝනා මරණ වාර්තා වී නැහැ... තහවුරු කළ මරණ ගණන 48 ක්

by Sagarika Chathumali 04-06-2021 | 11:01 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දිනයේ තවත් කොරෝනා මරණ 48 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1656 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව අද (04) කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 11 වනදා සිට ජුනි 03 වනදා දක්වා කාලයේදී ය. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 11 – මරණ 01 මැයි 13 – මරණ 01 මැයි 20 – මරණ 01 මැයි 23 – මරණ 01 මැයි 24– මරණ 02 මැයි 29– මරණ 02 මැයි 30– මරණ 01 මැයි 31 – මරණ 16 ජුනි 01 – මරණ 12 ජුනි 02 – මරණ 09 මැයි 03 – මරණ 02 තහවුරු කළ මරණකරුවන් අතරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය. තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 18 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී වන අතර තවත් එක් අයෙකු රෝහල්ගත කරන අවස්ඛාව වනවිට මිය ගොස් ඇත. ඉතිරි 29 දෙනා මිය ගොස් ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.