බස්නාහිර රියැදුරන්ට දැනුම්දීමක්..

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 04-06-2021 | 9:29 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

බස්නාහිර පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා රජය සංචරණ සීමා ඉවත් කරන තෙක් කාලය සඳහා දඩ අය නොකරන බවය.