.webp)
? ''අපි නැව ගෙනැල්ලා පන්දමක් ගෙනිහිල්ලා පත්තු කළා වගෙයි, සමහරු ප්‍රකාශ කරන්නේ.'' - ඇමති රෝහිත
? ''ලංකාවේ ඉන්න නැවේ ඒජන්ත රකින්න හදන ප්‍රබල ඇමති කවුද?''- පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි
? ''නැවේ කතාවේ ඇත්ත නැත්ත සැඟව ඇති VDR උපකරණය ගත්තා ද?'' - නයනක රන්වැල්ල
මී ළග පියවර කුමක්ද?
නැවේ භාණ්ඩ බොහොමයක් ගින්නෙන් විනාශ වී ඇති බව ද මූලික පරික්ෂණවලදී තහවුරුවී තිබේ. නාවික හමුදා කිමිඳුම්කරුවන් ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුද යට පවතින කොටස් විමර්ශනය අද (03) කටයුතු කළේ ය. ගිලෙමින් පවතින නැවෙන් සිදුවිය හැකි බරපතළම අනතුරක් වන්නේ එහි ඇති තෙල් මුහුදට කාන්දුවීමයි. මෙට්‍රික් ටොන් 300 කට ආසන්න බැර ඉන්ධන නෞකාවේ තිබුණු බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මේ අතර නැව දැන් පවතින තත්ත්වය අනුව කිසිවෙකුට නැවට ඇතුළු වී ටැංකිවල ඇති තෙල් ප්‍රමාණයන් නිරීක්ෂණය කරීමේ හැකියාවක් නැතැයි, හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා පවසයි.''ඇත්තටම මේ නැව ඒ දැන් තියෙන තත්ත්වය අනුව නැවට තාම කාටවත් ගිහිල්ලාවත් ඒ වගේ ඒ ටැංකිවල තියෙන තෙල් ප්‍රමාණයන් බලන්න තත්ත්වක් නැහැ .තාම නැවට ගොඩවෙලා බලන්න ඒනේ එහෙම ඇසෙස්මන්ට් එකක් කරන තත්ත්වක් නෙවෙයි තියෙන්නේ.තෙල් තියෙනවාද කොච්චරක් තියෙනවාද ඒ විදිහට බලන ත්ත්වයක් නෑ. තවම''සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනි ලහඳපුර මහත්මිය පවසන්නේ, තෙල් විසිරුමක් සිදු වුවහොත් ගැළපෙන ක්‍රම කිහිපයක් ඔස්සේ ඊට මුහුණදීමට සුදානමින් පසු වන බවයි.
''තෙල් විසුරුමක් වුණොත් කාලගුණයට, තත්ත්වයට, පරිසරයට ගැළපෙන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ හැම දේටම අපි සුදානම් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි අපිට නැව වටේට බූම් එකක් එලන්න පුළුවන්. ඒවාට උපකරණ ලෑස්ති කරන්න ඉන්නවා. එහෙම නැත්නම් අපිට උඩින් පුළුවන් තෙල් විසිරීම පාලනය කරන ඩිස්පර්සන් කියලා එකක් තියෙනවා, රසායනිකයක්. එය විදින්න පුළුවන්. ඒවත් සියල්ලම ලෑස්ති කරන් තියන් ඉන්නවා. කාලගුණය අපිට උදව් කරේ නැත්නම් අපිට බූම් එක දාන්න සහ මේ විසිරිම් පාලනය කරන රසායනික යොදන්න බැරි වුනොත් අපිට වෙනවා වෙරළ තීරය ආවරණය වන විදියට පිරිසිදු කරන්න.ඒ කටයුත්තටත් සුදානමින් ඉන්නවා''නැව ගිලුනොත් යම් කිසි විදියකින් ඔය ස්ථානයෙන් අපේ මුහුදු ගමන් මාර්ගය අවහිර වෙයි ද? මේ එම ප්‍රශ්නයට පිළිතුරු දුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා...
''ඕක වරායේ කොටසක්. ඒක නිසා නැව අනිවාර්යෙන්ම අයින් කිරීමේ අවශ්‍යතාවක් අනාගතයේ ඒවි''
අද (03) මුහුදේ තත්ත්වය කුමක්ද?
අදත් වෙරළ තීරයේ ස්ථාන කිහිපයක අප ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ බව අප වාර්තාකරුවෝ පැවසූහ. ගල්කිස්ස, මාතර පොල්හේන සහ මඩිහ යන ප්‍රදේශවල වෙරළේ මෙලෙස අපද්‍රව්‍ය ගොඩ ගසා තිබිණ. මේ අතර දින කිහිපයක් මුහුදු යෑමෙන් වැළකී සිටි දික්ඕවිට ධීවරයෝ අද මුහුදු ගිය ද සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වූහ. මේ අතර අද ජාතික මෙහෙවර වැඩසටහන සමග එක්වෙමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසුවේ, නැවේ කතාවේ සියලු දේ දැන ගත හැකි VDR උපකරණය නැව ගිලෙන මොහොත වන තුරුත් ලබා ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කළා යැයි , විශ්වාස නොකරන බවයි.''මේවා සියල්ලම ඇත්ත ද බොරු ද කියලා දැන ගන්න උපකරණයක් නැවේ තියෙනවා. ඒ VDR උපකරණය, හාබර් මස්ටර එක්ක කතා කරපු ඒවා නැවේ කපිතාන් සමාගම සමග කතා කරපුවා ඉන්දීය, කටාර් වරායන් සමග කතා කරපු සංවාද සියල්ල මේ කැටි කරලා තියෙනවා. නමුත් නැව ගිලෙන මොහොත වෙනකලුත් මම විශ්වාස කරන්නෙ නැහැ, VDR උපකරණය අපි ගත්තා කියලා''මේ අතර උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවා, අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ලබා ගන්නැයි, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය හික්කඩුව වනජිවි කාර්යාලයට අද නියෝග කළා ය. ඒ, කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින් දැයි සොයා බැලිමටයි.
සිදුවූ හානියට දැන් මොකද වෙන්නේ?
''වන්දි ලබා ගන්න අනිවාර්යෙන්ම හැකියාවක් තියෙනවා.අනිවාර්යෙන්ම හැකියාවක් තියෙනවා.ඒක ලබා ගන්නවා. ඒවට අවශ්‍ය කටයුතු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි සිදු කරගෙන යනවා.''මේ අතර වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සේනවිරත්න මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් සිදු කරන බව ත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව VDR උපකරණය සී යී ඩී භාරයට ගැනීමට දැනට කටයුතු කරගෙන යන බවයි.
''වන්දි මුදල් සම්බන්ධව රක්ෂණ සමාගම් සමග නැවේ අයිතිකරුවන් සිංගප්පුරු රජ්‍ය ආයතන සමග සාකච්ජා කරගෙන ඒ ගොල්ලෝ දැන් ඇග්‍රි වෙලා තියෙනවා මේ ඉන්ටරින් පෙමන්ට් එකක් කරන්න ඒ කියන්නේ දැනට වෙලා තියෙන අලාභය ගණනය කරලා ඒක අපි එයාලට ඉදිරිපත් කරාම අපේ නීතිපතිතුමා හරහා ගෙවීමට සහ ඒ සම්බන්දයෙන් බීච් කීනප් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඒ ගොල්ලෝ බැඳලා ඉන්නවා''වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, නැව ගිනිගැනීම අහඹු සිදුවීමක් වුවත් ඇතැමුන් එය පන්දමක් ගෙන ගොස් පත්තු කළා මෙන් හැසිරෙන බවත් ය.
''මේ නෞකාවේ සිදුවීම අපි දකින්නේ අහඹු ලෙස සිදුවුණු අවාසනාවත්ත සිද්ධියක් හැටියට හරියට අපි මේ නැව ගෙනැල්ලා පන්දමක් ගෙනිහිල්ලා පත්තුකරා වගේ තමයි සමහර අය ප්‍රකාශ කරන්නේ. ඒ වගේ සිද්ධියක් අලලා දේශාපාලන වශයෙන් බොරදියේ මාලු බාන්න යෑම ඉතාමත් අශෝභන ක්‍රියාවලියක් කියන එක කියන්න ඕනේ''මේ අතර මේ වන තෙක් මේ නැව් සමාගමේ ලංකාවේ ඒජන්තරවරයාව අත්අඩංගුවට ගැනීමට අපොහොසත් මන්දැයි, නව සිංහල රාවය ජාතික සංවිධානය ප්‍රශ්න කර සිටී. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටින්නේ, එම ඒජන්තවරයාව රැකීමට උත්සාහ දරන ප්‍රබල ඇමතිවරයා කවුරුන් ද යන්නයි.
''මේවනතෙක් මේ නැව් සමාගමේ ලංකාවේ ඒජන්තරවරයාව අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වෙලා ,හැකියාවක් ලැබිලා නැහැ. ලංකාවේ ඉන්න ඒජන්තවරයාව රකින්න උත්සාහ කරන ප්‍රබල ඇමතිවරයා කවුද? ප්‍රබල ඇමතිවරයා කවුද? ලංකාවේ ඉන්න නැව් සමාගමේ නියෝජිතයා සමග යටි ගනුදෙනු කරන ඇමතිවරු ඉන්න්වා නම් ඒ ඇමතිවරු ගැන හොයලා බලන්න.මේ නැව් සමාගමේ ලංකාවේ ඉන්න ඒජන්තවරයා සමග ගනුදෙනු කරන මේ වරාය අධිකාරියේ ඉහළ නිලධාරින් කවු ද කියලා හොයලා බලන්න. මේ සේද මාවතට හානියක් වෙන්න කටයුතු කරන්නේ කාගේ වුවමනාවට ද කියලා අපි මේ වේලාවේ ප්‍රශ්න කරනවා.ජනාධිපතිතුමනි මේවා බරපතල කුමන්ත්‍රණ විය හැකියි. මේ පෝට් සිටි ව්‍යාපෘතිය අතරමග නතර කිරිමේ යම් කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක තවත් එක් දෙයක් ද කියලා සොයා බලන්න ඕනේ...''