⁣සෞඛ්‍ය පනත අලුතින් විය යුතුයි..

ශක්තිමත් සේවයක් සඳහා තිරසර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගත යුතුයි - විපක්ෂ නායක

by Staff writer 03-06-2021 | 9:37 PM

? ⁣දේශපාලනීකරණය වූ එන්නත් ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ අවදානය යොමු වී නැහැ - විපක්ෂ නයක

COLOMBO (News 1st): ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම පිණිස තිරසර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයි.

මේ යෝජනාව කිහිපවිටක් ඉදිරිපත් කළත්, ආණ්ඩුව තවමත් තම බල ව්‍යාපෘතිය ශක්තිමත් කරමින් සිටින බව ද විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. කොරෝනා මර්දනයට කැපවන සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂක මෙවලම් නොමැති වීම, නිරෝධායන ක්‍රියාවලියේ අක්‍රමිකතා, දේශපාලනීකරණය වූ එන්නත්කරණය, පිළිකා දියවැඩියා හෘද රෝග සඳහා වන ඖෂධ හිඟය ආදිය ගැන ආණ්ඩුවේ අවධානය යොමු වී නැති බවට සජිත් පේමදාස මහතා චෝදනා කරයි. ලීසිං හා ෆිනෑන්ස් ආයතන ණය සහන ක්‍රියාවලිය අතහැර දමා ඇති බව අවධාරණය කරන විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ජනතා ගැටලු ගැන සංවේදී වන ලෙසටයි .