PCR පරීක්ෂණවල තත්ත්වය කෙසේ ද?

මේ වන විට PCR පරීක්ෂණවල තත්ත්වය කෙසේ ද?

by Staff writer 03-06-2021 | 10:36 PM

COLOMBO (NEWS1ST) :  කොරෝනා මරණ පිළිබඳව ඊයේ (02) නිකුත් කළ නවතම වාර්තාවට අනුව සිදුවු මරණ ගණන 39කි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මේ මරණ සිදු වූයේ මැයි 17 සිටින ජූනි පළවෙනිදා දක්වා බවයි. දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1566 ක්. ගෙවුණු දින 12කට පසු පළමු වරට ආසාදිතයන්ගේ සීමාව 3000 ඉක්මවා ගියේ ඊයේ දිනයේ ය. දිස්ත්‍රික්ක 25 ම ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 3306 කි. සංචාරණ සීමා මුලින්ම පැනවූ මැයි 14 වැනිදා වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන සටහන් වූයේ 132,773ක් ලෙසයි . ඒ වන විට 26116 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියහ. සංචරණ සීමා මැද මැයි 26 වෙසක් සතිය අරඹන විට සමස්ත covid ආසාදිතයන් ගණන 166947 දක්වා වැඩි විය. මැයි 14 වෙනිදා සාපේක්ෂව එය 34174ක වැඩිවීමකි. වෙසක් සතිය වන විට 43,444 දෙනෙක් රෝහල්ගතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියහ. මුලින් සංචරණ සීමා ඇරැඹි මැයි 14 වෙනිදා හා සසඳන කළ එය 17,328 ක වැඩිවීමකි. මේ සියලු දත්ත එක් කළ විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 187,205ක් ලෙස සටහන් වී තිබේ. රෝහල්ගත සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,937 කි. සංචාර සීමා පනවා තිබූ දිනවල වාර්තා වූ ආසාදිතයන් ගණන වැඩි වීමට බලපෑ ප්‍රබල හේතුවක් වූයේ කිසියම් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බව පෙනෙන්නට තිබේ.

මේ වන විට PCR පරීක්ෂණවල තත්ත්වය කෙසේ ද?

මැයි මාසය ආරම්භ වන විට 18,584ක්ව පැවැති PCR පරීක්ෂණ මැයි 14 වැනිදා සංචරණ සීමා පැනවීමත් සමග 24,451 ක් දක්වා ඉහළ දැමිණ. නමුත් මැයි 26 වන විට සිදු කෙරෙන්නේ PCR පරීක්ෂණ 20,193 ක් පමණි. ඊයේ වන විට එය 19,314 දක්වා අඩුවී තිබේ.