ඩයනාගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට

මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට

by Hashini De Mel 03-06-2021 | 6:48 PM

News 1st - මුළු ලොවක් ආදරයක් කළ ඩයනා කුමරිය විසින් මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් මෙම ඇඳුම කුලියට දී ඇති බවයි. මෙම මංගල ඇඳුම ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 වසරේ ජුලි මාසයේදී නිර්මාණය කර තිබේ. මෙම ගවුම අඩි 25 (මීටර් 7.6) කින් පමණ යුක්ත වන බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රදර්ශනයේ සංවිධායකයින් පවසන්නේ, මෙම රාජකීය විලාසිතාව දැන් වනවිට මංගල ක්ෂෙත්‍රයේ ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇති බවයි. මෙම ඇඳුමට මුලින් මේරි රැජිණට අයිති පෞරාණික කැරික්මැක්‍රොස් ලේස් පැනල්වලින් ආවරණය කර තිබේ. 1980 දශකයේ මුල් භාගයේ විලාසිතාවන්ට අනුව එය පුම්බන ලද බාහු (Large Puffed) සහිත අත්වලින් සහ සමනල ගැට (Bows) සහිතව නිමකර ඇත. මේ අතර විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ මංගල දිනයේ පිටව යන (Going - away dress) අවස්ථාව සැරසී සිටි ඇඳුම්ද ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම ප්‍රදර්ශනය අද (03) සිට 2022 ජනවාරි මුල දක්වා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.