උපන්දින සාදයේ වැඩිදුර විමර්ශන CCDයට...

තරු පහේ හෝටලේ උපන්දින සාදයේ වැඩිදුර විමර්ශන CCDයට

by Sagarika Chathumali 03-06-2021 | 10:06 PM

COLOMBO (NEWS1ST) : කොළඹ තරු පහේ හෝටලයක පසුගිය දා පැවති උපන්දින සාදය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාර දී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ අනුව උපන්දින සාදයට අදාළව විද්‍යාත්මක, තාක්ෂණික, පරිවේශනීය සාක්ෂි සෙවීම සහ cctv දත්ත හා ඊට අදාළ අනෙකුත් සාක්ෂි විශ්ලේෂණය කිරීමට අදාළ විමර්ශනයන් CCD ය විසින් සිදු කරනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ අනෙකුත් විමර්ශන කටයුතු තවදුරටත් කොටුව පොලීසිය විසින් සිදු කරනු  ඇති බව ද ඔහු පැවසී ය. පසුගිය 30 වනදා නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සංවිධානය කර තිබූ මෙම උපන්දින සාදයට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.