නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

ගිනිගත් නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම් - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

by Staff writer 03-06-2021 | 8:30 AM

COLOMBO (News 1st): මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් මහතා පවසයි.

මේ අතර, අදාළ නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් දීමට විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීතිපතිවරයාගේ අධීක්ෂය යටතේ, අදාළ කණ්ඩායම ක්‍රියාත්මක බවය. මේ වන විටත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ ඒ රාජ්‍ය ආයතන වෙත ලබා දෙමින් ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.