.webp)
වර්තාමානයේ තියෙන පිරිපහදුවේ තියෙන ධාරිතාවය දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් තියෙන නව පිරිපහදුවක් ඉදිකිරීමටත්, සපුගස්කන්දේ ඉදිකිරිමටත් අපි මේ දිනවල ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් ඉන්නේ. මේ ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 3000ක්. ආයෝජකයෙක් ඇවිල්ලා තමන්ගේ මුදලින් පිරිපහදුව ඉදිකරලා. තමන්ට වැය වෙච්ච මුදල ලාභයක් සහිතව අය කරගත්තාට පසුව ඒක නැවතත් තෙල් සංස්ථාවට පවරලා ඒ අය යන්න යනවා. ආයෝජකයන්ට ආරාධනා කරන්න කලින් අපිට සිද්ධ වනවා පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කරන්න. දැනටමත් අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, කැනඩාව දකුණු අප්‍රිකාව වගේ විවිධ රටවල්වලින් මේ සඳහා ඉදිරිපත් කරන්න කැමැත්ත ප්‍රකාශ කරලා අපි යෝජනා ඉල්ලන්න කලිනුත්. කැමැත්ත ප්‍රකාශ කරමින් යෝජනා එවමින් තියෙනවා.ප්‍රශ්නය
චීනයත් ඉන්නවද?පිළිතුර,
ඉන්න පුළුවන්. චීනය තියෙන්නෙත් ලෝකයේනේ. ඒ නිසා අපි ලෝකයෙන් ඉල්ලනකොට චීනයෙනුත් එන්න පුළුවන්.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා,
ඕනම පිටරටින් එන විදේශිය ආයෝජකයෙක්ට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත් විමට සීමා කරපු ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ සීමා කිරීම තමයි මේ වෙනකකොට සංශෝධනය කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලංකාවේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කරන මෙවැනි ව්‍යාපෘතියක් අවශ්‍යයි. ඒක ගැන අපිට විවාදයක් නැහැ. හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් එන්න හදන්නේ මොකාටද? එන්න හදන්නේ ,සම්පුර්ණයෙන්ම රජය සතුව තියෙන ඛනිජ තෙල් සංස්ථාව සතු තියෙන මේ වෙළෙඳපොළ විනාශ කිරීම සඳහා තමයි මේ එන්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ මරණ මංචකයේදි ඛනිජ තෙල් සංස්ථාවේ මළ බෙරය තමයි මේ වැයෙන්නේ. ඒ නිසා මේ දේශප්‍රේමි සළුපිලි පුරවා ගෙන ඉන්න මේ පාලකයින්ට මේ විනාශය කරන්න දෙන්න එපා. රටේ අස්සක් මුල්ලක් නෑර හැම සම්පතක්ම විනාශ කරන මාවතකට මේ ආණ්ඩුව ඇවිල්ලා ඉන්නේ