by Staff writer 03-06-2021 | 9:26 PM
COLOMBO (News 1st) - ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලක්ෂ 6 කට අධික පිරිසකට නොලැබීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් මතු වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවය.
සායනික පරීක්ෂාවකින් පසුව මේ පිළිබඳව තීරණයක් ගත යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ, මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵල ලේඛන ගතකර ඉදිරි පියවර ගත යුතු බවයි.
අවුරුදු 60 ට වැඩි ජනතාවට කොවිඩ් මර්දන එන්නතක් ලබාදිය හැකි බවට මේ වනවිටත් සාක්ෂි ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ, මේ වනවිට ක්‍රියාත්මක වන එන්නත්කරණ ක්‍රියාවලියේ බරපතල දෝෂ පවතින බැවින් එය නැවත සමාලෝචනය කළ යුතුව ඇති බවය.