සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1600 ඉක්මවා යයි

අද (03) කොරෝනා මරණ 3යි… තහවුරු කළ මරණ ගණන 42 ක්

by Sagarika Chathumali 03-06-2021 | 11:14 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (03) දිනයේ තවත් කොරෝනා මරණ 42 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1608 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් අද (03) දිනයේ සිදුව ඇත්තේ, මරණ 3ක් පමණි. අනෙකුත් මරණ 39 වාර්තා වී ඇත්තේ, පසුගිය මැයි 11 වනදා සිට ජුනි 02 වනදා දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 11 – මරණ 01 මැයි 14 – මරණ 01 මැයි 15 – මරණ 01 මැයි 17 – මරණ 01 මැයි 20 – මරණ 01 මැයි 23– මරණ 02 මැයි 24– මරණ 01 මැයි 26– මරණ 01 මැයි 28 – මරණ 01 මැයි 29 – මරණ 01 මැයි 30 – මරණ 03 මැයි 31 – මරණ 11 ජුනි 01 – මරණ 11 මැයි 02 – මරණ 03 තහවුරු කළ මරණකරුවන් අතරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් ය. එම මරණ 43 වාර්තා වී ඇත්තේ, දික්ඔය, මන්නාරම, කඩවත, කොළඹ, වත්තල, පොළොන්නරුව, පස්යාල, වේයන්ගොඩ, මාතර, හපුතලේ, හේනෙගම, බණ්ඩාරවෙළ, කටුගස්තොට, ගිරිතලේ, බඩල්කුඹුර, කාත්තන්කුඩි, කැලණිය, බටුගොඩ, වත්තේගම, කාත්තන්කුඩි - 06, අරණායක, කොච්චිකඩේ, නාරාහේන්පිට, ගම්පොළ,හල්ඔළුව,මීගමුව,ආගරපතන, කින්නියා, කොටගල,බොගවන්තලාව, හිඳගල, කළගෙඩිහේන, රද්දොලුගම,නුවර, පැපිලිවල සහ මින්නේරිය යන ප්‍රදේශවලිනි. තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 8 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී ය.