X-press Pearl නෞකාව ඇදීම අත්හිටුවයි

X-press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අත්හිටුවයි

by Sagarika Chathumali 02-06-2021 | 2:46 PM

COLOMBO (NEWS1ST) :  මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් X-press Pearl නෞකාව ඇදීම අත්හිටවූ බව නාවික හමුදාව පවසයි.

නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අද පෙරවරුවේ ආරම්භ වූ අතර එය  ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු විය. https://youtu.be/QadfQECigm4