වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට Lockdown

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට Lockdown

by Hashini De Mel 02-06-2021 | 3:10 PM

News 1st - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමීම ( Lockdown) තවත් සතියකින් දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, එම ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වීමත් සමගිනි. මේ වනවිට එහි කෙරෝනා පොකුරු 60ක් පමණ පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ දෙවනියට වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය එලෙස ජුනි 10 වැනි දා දක්වා වසා තබනු ඇති. මෙලෙස ප්‍රාන්තය වසා දැමු සිව්වන අවස්ථාව මෙයයි.