අමෙරිකාව කොවිඩ් එන්නත් බෙදා හැරීමේ සූදානමක...

එන්නත් මාත්‍රා මි. 80ක් ගෝලීයව බෙදා හැරීමට අමෙරිකාව සූදානම්

by Staff writer 02-06-2021 | 3:57 PM

 COLOMBO (NEWS1ST) :අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එන්නත් මාත්‍රා බෙදා හැරීමට සැලසුම් කරන ආකාරය ඉදිරි සති දෙක තුළ නිවේදනය කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළ බවයි. ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් එලෙස බෙදා දීමට නියමිත බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. එම එන්නත් මාත්‍රා රටවල්වලට සමානව බෙදාහැරීමට කටයුතු කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් බෙදාහරින බව සඳහන් ය. ඇමරිකාව සතු අතිරික්ත එන්නත් මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.