කොරෝනා තුන්වැනි රැල්ලෙන් බලපෑම් වූ ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..

කොරෝනා තුන්වැනි රැල්ලෙන් බලපෑම් වූ ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..

කොරෝනා තුන්වැනි රැල්ලෙන් බලපෑම් වූ ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..

කර්තෘ Staff writer

02 Jun, 2021 | 2:39 pm

COLOMBO (News 1st) – කොරෝනා තුන්වැනි රැල්ලෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් වෙනුවෙන් සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට උපදෙස් දී තිබේ.

ඒ අනුව, මහ බැංකුව දැනුම් දී ඇත්තේ, රැකියා අහිමි වීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම අඩු වීම, ව්‍යාපාර වසා දැමීමේ ජන දුෂ්කරතා සැලකිල්ලට ගෙන ණය පහසුකම්වල මුදල හෝ ණය පොලිය කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 වැනි දා දක්වා කල් දැමීමටයි.

මෙම ණය සහන ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට ජුනි 21 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු වේ.

පමා වී එන ඉල්ලීම් භාර ගන්නේ පිළිගත හැකි හේතුවක් මත පමණක් බව මහ බැංකුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]