by Chathuranga Rajapaksha 01-06-2021 | 4:58 PM
COLOMBO (News 1st): නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම සැකකරුවන් අතර එක් කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම උපන් දින සාදය පෙරේදා(30) රාත්‍රියේ පවත්වා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර එම උපන්දින සාදය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් ඊයේ(31) අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇප මත මුදා හැරියේය.
ඒ්, ඊයේ කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප ලබා දීමෙන් අනතුරුවයි.