COLOMBO (NEWS1ST) : ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමැති බවට ජනතාවගෙන් අත්සන් ලබාගැනීම අදත් (01) මහනුවරදී සිදු විය.
නමුත් අප වාර්තාකරු පැවසුවේ, අද දිනයේ එන්නත් ලබාගැනීමට පැමිණි ඇතැම් පිරිස් එය ප්‍රතික්ෂේප කරමින් දෙවන මාත්‍රාව ද අවශ්‍ය බව සඳහන් කළ බවයි.
මහනුවර කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, තමන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවයි.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව විමසුවේ ය.
ඒහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, රටේ පවතින තත්ත්වය මත ස්පුට්නික් V එක මාත්‍රාවක් හෝ මේ මොහොතේ ලබා ගැනීම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නතර කිරීම සඳහා ප්‍රයෝජනවත් බවට විශේෂඥ කමිටුවක් විසින් නිර්දේශ කළ බවයි.
''මේකට එක්ස්ෆර්ට් කමිටි එකක් දැම්මා මේ සම්බන්ධව තීන්දුවක් අරගත්තා මේ රටක තියන තත්ත්වයන් අනුව එක ඩෝස් එකක් හෝ මේ මොහොතේ ප්‍රමාණවත් වෙනවා. මේක ව්‍යාප්තවීම නතර කිරීම සඳහා ඒ අනුව තමයි ඒ තීන්දුව අරගෙන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ, සාමාන්‍යයෙන් දේ තමයි මේක තමයි හුග දෙනකේ පාවිච්චි කරන්න උත්සහා කළේ, තමන් ශල්‍යකර්මයකට ගියත් අත්සන් කරනවා. මේකට මේ කොන්දේසිවලට ඒ වගේ ෆෝම් එකක් තියනවා. ඒ ෆෝම් එකේ අත්සන් කරනවා. ඒ අත්සන් කිරීම තමයි මේ කට්ටිය මේ පාවිච්චි කරන්න හදන්නේ මේක මේ බලහත්කාරයෙන් එකක් තමයි ගත්තෙ කියලා, පාව්චිච කරන්න. මහනුවර කරෙත් විශේෂඥ වෛද්‍යවරු.. ඒ අයට තමයි උපදෙස් ලැබිලා තිබුණේ , පත්‍රිකාවක් ඒ හැමතැනම තියන පත්‍රිකාවක් පත්‍රිකාවේ කැමත්ත පළ කරලා අත්සන් කරන්න, ඒක වෙන විදිහට අර්ථකථනයක් දෙන්න උත්සහ කරන එක තමයි අපි දකින්නෙ''
ප්‍රශ්නය :-
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් වෛද්‍යතුමා සදහන් කරනවා. ඒ අය දන්නේත් නැහැ. මෙහෙම සිද්ධියන් ගැන එකක් විතරක් ගන්න මෙහෙම අත්සන් ගන්නවා කියලා
ඊට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
ඔය ප්‍රශ්නය අහන්න ඕන ඒ පුද්ගලයාගෙන් එහෙම නම් ඒ අය අතරේ මේ සංවාදය වුණේ, නැති එක ගැන ඒ අය අතරේ සාකච්ඡාවක් කළ යුතුයි කියන එකයි මට කියන්න තියෙන්නේ
කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ,
ස්පුට්නික් වී එන්නත් දෙකෙන් පළමු මාත්‍රාවෙන් පමණක් සෑහීමකට පත්විය හැකි බවට රුසියානු නිෂ්පාදන ආයතනය හා පර්යේෂණ ආයතනය මේ වන තෙක් දැනුම් දී නොමැති බවයි.
''ස්පුට්නික් වී එන්නත් දෙකෙන් පළවෙනි මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව පමණක් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා රුසියානු නිෂ්පාදන ආයතනය හා පර්යේෂණ ආයතනය හෝ විද්‍යාඥයින් අපට දැනුම් දුන්නොත් අපි අතීරණය කරනවා. එක එන්නතකින් සෑහීමකට පත්වෙන්න දැනට තීරණයක් අරගෙන නැහැ. අපට ඔවුන් කරන නිදේශය අනුව රඳා පවතින දෙයක් ඒ නිසා ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා...''
මේ අතර අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ තමන් අනුමැතිය ලබාදී ඇත්තේ මාත්‍රා දෙකකින් යුත් ස්පුටින්ක් එන්නතට බවයි.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මිලියන 6.5 ක් සහ දෙවන මාත්‍රාව මිලියන 6.5 බැගින් මුදල් ගෙවා ඇණවුම්කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියා සිටියේ ය.
සෙසු එන්නත් මෙන් නොව එම එන්නතේ මාත්‍රා දෙක වෙනස් බවද ඔවුහු සඳහන් කළහ.