මින් පසු රටවල් නමින් කොවිඩ් ප්‍රභේද හඳුන්වන්න බැහැ

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස ප්‍රභේද නාමකරණය කරයි

by Staff writer 01-06-2021 | 9:55 AM

COLOMBO (NEWS1ST) : ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස් ප්‍රභේද නාමකරණය කර තිබේ.

ඒ, විවිධ රටවල නම්වලින් කොරෝනා ප්‍රභේද හඳුන්වා දීමෙන් සිදුවන අපකීර්තිය වැළැක්වීමේ අරමුණිනි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති කොරෝනා වෛරස් ප්‍රභේද සංඛ්‍යාව 24 කි. බ්‍රිතාන්‍ය ප්‍රභේදය නම් කර ඇත්තේ, ඇල්ෆා ලෙසයි. ඉන්දීයාවෙන් හඳුනා ගැනුණු ප්‍රභේදය, ඩෙල්ටා ලෙස නම් කර තිබේ. දකුණු අප්‍රිකානු ප්‍රභේදය මින් ඉදිරියට හඳුන්වා දිය යුත්තේ බීටා ලෙසයි. ගැමා යනුවෙන් බ්‍රසීල කොරෝනා ප්‍රභේදයට නම් තැබිණ. පසුගිය කාලයේ ඉන්දියානු ප්‍රභේදය ලෙස කොරෝනා වෛරස් කාණ්ඩයක් නම් කිරීම පිළිබඳව ඉන්දියාවෙන් දැඩි විවේචන එල්ල වන්නට විය. ඒ අනුව රටක නම පදනම් කරගත් විද්‍යාත්මක නාමය වෙනුවට, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නා