by Staff writer 01-06-2021 | 4:44 PM
COLOMBO (News 1st): ලුණු කුඩු මිල අඩු කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, අද(01) සිට අඩු කළ මිල ගණන්වලට සතොස හරහා ලුණු කුඩු පැකට් ලබාගත හැකි බවය.
ඒ් අනුව, රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34කි.
රුපියල් 50 ක මිලකට අලෙවි කරනු ලැබු ලුණු කුඩු පැකැට් එකක් රුපියල් 35 ක මිලකට අලෙවි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.