චීනය සයිනෝෆාම් එන්නත මිල ගණන් දෙකකට විකුණන ඇත්ත හේතුව කුමක්ද?

by Staff writer 01-06-2021 | 9:48 PM

COLOMBO (News 1st): චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත බංග්ලාදේශය ඩොලර් 10කට මිලදී ගනිද්දී ශ්‍රී ලංකාව ඩොලර් 15 කට මිලදී ගන්නා බවට දැන් සංවාදයක් පවතී.

සංවාදය ඇතිවුණේ බංග්ලාදේශ අග්‍රමාත්‍ය ශීක් හසිනා මහත්මියගේ විශේෂ සහකාර ශාහ් අලී ෆර්හද් මහතා පසුගිය 27 වෙනිදා නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් සයිනෝෆාම් එන්නත් මිලියන 15 ක් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 150 ක මුදලක් එරට කැබිනට් මණ්ඩලය අනුමත කළ බවට සඳහන් කිරීමයි. මෙම ට්විටර් පණිවිඩය හේතුවෙන් සමාජ මධ්‍යයේ මත පලව තිබුණේ චීනය බංග්ලාදේශයට ඩොලර් 10කට ලබාදෙන එන්නතක් ශ්‍රී ලංකාව ඩොලර් 15කට ලබා ගැනීම විමතිය දනවන්නක් බවටයි. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බංග්ලාදේශය හා සයිනෝෆාම් සමූහය අතර මිල ගණන් අතුළත් ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව කියා සිටියේය. මෙවැනි ව්‍යාජ පුවත් හේතුවෙන් සිදුවෙමින් පවතින ඔවුන්ගේ මිල පිළිබඳ සාකච්ඡාවලට බාධාවක් වන බව ද තානාපති කාර්යාලය සඳහන් කළේය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
"එන්නත නිෂ්පාදනය කරන්නනේ චීනේ නිසා ඔවුන්ට අයිතියක් තියනවා ඔවුන්ට අයිතික් තියනවා මේ ගැන කතා කරන්න මේ එන්නත දැනට තියෙන්නේ ඩොලර් 18 ඉදන් 40 දක්වා විවිධ රටවල් විවිධාකාරයෙන් මොකද මේක එක රටක් අපි කියනවා නිෂ්පාදකයාත් එක්ක අනුව තමයි ඔවුන් තිරණය කරන්නේ. ප්‍රසම්පාදන ක්‍රමය ඕනෑම කෙනෙකුට අභියෝගයට ලක්කරන්න පුළුවන් තවත් රටවල් ගණනාවක් ඩොලර් 25 ට ගත්ත ඒවා තියනවා."
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
"චීනය ලංකාවට දුන්න මිල ඩොලර් 15 ද නැත්තම් ඊට වඩා අඩු මිලකට දීලා ලංකාවේ දූෂණයක් කරා වැඩිමිලක් දක්වලා තියනවාද බංග්ලාදේශයට ඇත්තටම දෙන්නේ කීයටද මේ කතාව ඇත්තද බොරුද කියලා ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න බැහැ කළ හැක්කේ චීන ආණ්ඩුවට පමණමයි"
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,
"කොවිශිල්ඩ් ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනෙකා එකේ ඉන්දියාවේ හදන මේවා එක ඒක ගත්තේ ඩොලර් 5.25 කට.මතකතියාගන්න තායිලන්තයට ඒක විකිණුවේ ඒක ඩොලර් 3.25 ට.ඒ විතරක් නෙමෙයි මේක බංග්ලාදේශයට ලබාදුන්නේ ඩොලර් 5කට.ඒ 5කට ලබාදුන්නේ ඇත්තටම කොවිශ්ල්ඩ් සමාගමට ඩොලර් 3 හමාරයි ඒගොල්ලන්නේ ඒජන්තට ඩොලර් 1 හමාරයි.ඒ මොකද ඒ ඒජන්තවරයා භාර ගත්තා ඉන්දියාවේ ඉඳලා ඒ තොග බංග්ලාදේශයට ගෙනියන්නත් බංග්ලාදේශය පුරා ප්‍රවාහනය කරලා මේවා බෙදාහැරීමටත්.ඇත්තටම බැලුවාම බංග්ලාදේශයටත් නියම මිල කොවිශීල්ඩ් එක ආයතනයට ගෙව්වේ 3.50යි.අපේ ඖෂධ ඇමතිවරයා එයා කිව්වා එන දෙසැම්බර් වෙනකොට කොවිෂීල්ඩ් මිලියන 9ක් ලංකාවට ගේනවා.සයිනෝෆාම් ලක්ෂ 3 යි.ස්පුට්නික් මිලියන 11 යි ෆයිසර් මිලියන 6.2 ක්.ඊට පස්සේ කතා කරනවා කවුද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා.එයා කියනවා ඇනවුම් දැන් තහවුරු කරලා ඉවරයි සයිනෝෆාම් මිලියන 14 ක් එයා ඇනවුම් කරලා තියෙනවා.ඖෂධ ඇමති කියන්නේ ලක්ෂ 3 යි.ස්පුට්නික් මිලියන 13 යි.ඇමති කියන්නේ මිලියන 11 යි.ෆයිසර් මිලියන 5 යි.ඇමති කියන්නේ මිලියන 6.2 යි.ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධයක් නෑ.දැන් මේකේ එන්නතක් ගැහුවායි කියලා රෝගය අඩු වෙන්නේ නෑ.එතකොට කොහොමද මෙයා කියනවා පලවෙනි එන්නත ජූනි වෙනකොට ඉවර වුනාම ජූලි වෙනකොට රෝගය අඩු වෙනවාලු.මේ වෙන්නං කාසි කියලා තමා මේ කියන්නේ.ඒ කලේ මොකද අපි දැන් ඩොලර් 15 කට දැන් සයිනෝෆාම් ගන්නේ.නමුත් බංග්ලාදේශය ගන්නේ ඩොලර් 10ට.එතකොට මේගොල්ලෝ කියනවා දැන් එන්නත් කරනවා මිලියන 14 ක්.මිලියන 14 ක් එන්නත් කරනවා කියන්නේ ඩොලර් 5 ගානේ ඩොලර් මිලියන 70 ක් අමතරව ගෙවනවා.එතකොට මේක මෙහෙම හෙලිදරවු වුණාම ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉතාමත්ම කාර්යශීලීව ඔක්කෝම උත්තර දෙනවා ලංකාවේ ආණෟඩුවට උත්තර දෙන්න දෙයක් නෑ, ඒගොල්ලෝම උත්තර දෙනවා මේ ගනුදෙනු ගැන.දැන් 2 වැනි එකත් මාස 2 න් එන්න බැහැ. ඇනවුම් කරලාවත් නෑ මේ අය ඇනවුම් කරන්න දන්නෙත් නෑ.එතකොට වුනේ මේකද ගැහුවා සීල් එකක් , එකක් වුණත් කමක් නෑ ගහපිය කියලා මට"