''ආණ්ඩුව මීට වඩා ජනතාවගේ ජීවිත ගැන සිතිය යුතුයි''

කොරෝනා හමුවේ බැටකන පවුලකට 20,000 ක දීමනාවක් ලබා දෙන්න... විපක්ෂ නායකවරයාගෙන් ආණ්ඩුවට යෝජනාවක්

by Staff writer 01-06-2021 | 11:23 PM

COLOMBO (NEWS1ST) : කොරෝනා හමුවේ බැටකන පවුලකට මසකට රුපියල් 20,000 ක දීමනාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනා කර සිටී.

දේශපාලන ප්‍රතිවිරෝධතා පසෙක ලා ස්වයං රැකියාවල නිරතවූවන් සහ කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන් දිරිදීමේ සහන පැකේජ හඳුන්වාදීම ද ,ලීසිං සහ ජල විදුලි සහන ලබාදීම ද ආණ්ඩුව මේ මොහොතේ කළ යුතු බව විපක්ෂ විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ලෝකයේ සෑම රටක්ම කොරෝනා එන්නත් ලබා ගැනීමට තරගකාරීව මුහුණ දෙන අතරතුර ශ්‍රී ලංකාව මිත්‍යාව කරළියට ගෙන ආ බවට සජිත් පේමදාස මහතා චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, චීනයෙන් සහ රුසියාවෙන් ලැබුණු එන්නත්වලට අමතරව ආණ්ඩුව දැනට මිලදී ගෙන තිබෙන්නේ ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ පහක් පමණි . සජිත් පේමදාස මහතා වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් අරමුදලට මිලියන 1,700 අධික ආධාර ලැබී ඇතත් ,එයින් වියදම් කොට ඇත්තේ මිලියන තුන්සියයක් පමණක් බවයි. ආණ්ඩුව,මීට වඩා ජනතාවගේ ජීවිත ගැන සිතිය යුතු බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.