COLOMBO (NEWS1ST) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (31) තවත් කොරෝනා මරණ 43 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (31) සිදුව ඇත්තේ, මරණ 4 ක් පමණි.
අනෙකුත් මරණ 39 වාර්තා වී ඇත්තේ, පසුගිය මැයි 20 වනදා සිට මැයි 30 දක්වා කාලය තුළයි.
එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..
මැයි 20 – මරණ 06
මැයි 21 – මරණ 01
මැයි 24 – මරණ 01
මැයි 25 – මරණ 02
මැයි 26 – මරණ 02
මැයි 27– මරණ 06
මැයි 28 – මරණ 09
මැයි 29 – මරණ 06
මැයි 30 – මරණ 06
එම මරණ වාර්තා වී ඇත්තේ, සීදුව, කඩුවෙල, හාලිඇල, වාරියපොළ, මාවතගම, කඩවත, ගලේවෙල, උහුමිය, කුරුණෑගල (මරණ 3යි), නිකදළුපොත, මැල්සිරිපුර, සෙවණගල, රත්තොට, පානදුර, පනාදරගම, යන්තම්පලාව, ගිරිඋල්ල, කොබෙයිගනේ, කරෙයිනගර්, පුත්තලම, පැල්මඩුල්ල (මරණ 2යි), කාත්තන්කුඩි, වත්තල, වව්නියාව, බුළුතොට, කෑගල්ල, කලගෙඩිහේන (මරණ 3යි), මිනුවන්ගොඩ, තලංගමුව, අතුරුගිරිය, උඩවළව, කුරුවිට, කලවාන, උඩකරවිට, කහවත්ත (මරණ 2යි), කිරිඇල්ල, රත්නපුර යන ප්‍රදේශවලිනි.
මිය ගිය පිරිස අතර රත්තොට පදිංචි 24 හැවිරිදි තරුණියක ද සිටින අතර නිවසේදී මිය ගොස් ඇති ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ ඩවුන් සින්ඩ්‍රෝමයයි.