ගෙවුණු දිනයේ  කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 01-06-2021 | 11:57 AM

COLOMBO (NEWS1ST) :  ගෙවුණු දිනයේ (31) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,912 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරින් වන අතර තවත් දෙදෙනකු මෙරටට පැමිණි විදේශීය පුද්ගලයින් ය. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ  දිස්ත්‍රික්ක 25 න් හඳුනා ගෙන තිබේ. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 490 යි.(වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 322 යි. ⭕ මහනුවර දිස්ත්‍රික්කය – 261 යි. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 260 යි. ⭕ යාපනය දිස්ත්‍රික්කය – 149 යි. ⭕ කුරුණෑගල දිස්ත්‍රික්කය – 145 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 186,364 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 33,140 කි. ඊයේ (31) තවත් පුද්ගලයින් 1915 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමග පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව  151,740 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ත්‍රිවිද හමුදාව සහ හෝටල් තුළ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 56ක් තුළ පුද්ගලයින් 3622 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර පසුගිය පැය 24 තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පුද්ගලයින් 403 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇත. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (31) තවත් කොරෝනා මරණ 43 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 1484 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (31) සිදුව ඇත්තේ, මරණ 4 ක් පමණි. අනෙකුත් මරණ 39 වාර්තා වී ඇත්තේ, පසුගිය මැයි 20 වනදා සිට මැයි 30 දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 20 – මරණ 06 මැයි 21 – මරණ 01 මැයි 24 – මරණ 01 මැයි 25 – මරණ 02 මැයි 26 – මරණ 02 මැයි 27– මරණ 06 මැයි 28 – මරණ 09 මැයි 29 – මරණ 06 මැයි 30 – මරණ 06 එම මරණ වාර්තා වී ඇත්තේ, සීදුව, කඩුවෙල, හාලිඇල, වාරියපොළ, මාවතගම, කඩවත, ගලේවෙල, උහුමිය, කුරුණෑගල (මරණ 3යි), නිකදළුපොත, මැල්සිරිපුර, සෙවණගල, රත්තොට, පානදුර, පනාදරගම, යන්තම්පලාව, ගිරිඋල්ල, කොබෙයිගනේ, කරෙයිනගර්, පුත්තලම, පැල්මඩුල්ල (මරණ 2යි), කාත්තන්කුඩි, වත්තල, වව්නියාව, බුළුතොට, කෑගල්ල, කලගෙඩිහේන (මරණ 3යි), මිනුවන්ගොඩ, තලංගමුව, අතුරුගිරිය, උඩවළව, කුරුවිට, කලවාන, උඩකරවිට, කහවත්ත (මරණ 2යි), කිරිඇල්ල, රත්නපුර යන ප්‍රදේශවලිනි. මිය ගිය පිරිස අතර රත්තොට පදිංචි 24 හැවිරිදි තරුණියක ද සිටින අතර නිවසේදී මිය ගොස් ඇති ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ ඩවුන් සින්ඩ්‍රෝමයයි.