මේවා ඉතින් අපේ පාලනයෙන් තොර දේවල් නේ - කතානායක

''මේවා ඉතින් අපේ පාලනයෙන් තොර දේවල් නේ... මේ පළාත්වල ධීවර කටයුතුවලට කිසිම බාධාවක් නෑ'' - කතානායක

by Staff writer 31-05-2021 | 10:38 PM

COLOMBO (NEWS1ST) :  කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ X-PRESS PEARL නෞකාව සම්බන්ධයෙන් අපේ රටේ වගකිව යුත්තන් දැන් දරණ මතය කුමක් ද?

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිතතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය 28 වනදා පැවසුවේ, වාර්තාවන ආකාරයට කිසිවක් ඉතිරි නොවන ආකාරයට සියල්ල ගිනිගෙන අවසන් බවයි.
''මේ වනවිට අපිට දැනගන්නට ලැබෙන ආකාරයට කිසිම දෙයක් ඉතිරි නොවන ආකාරයට ඒ සියල්ල ගිනිගෙන අවසන්. තාම කන්ටේනර්ස් තිබුණාට සියල්ල වාගේම ගිනිගෙන තියෙන්නේ. මොනවා හරි ඉතිරිවෙලා තියෙනවාද කියලා අපි තාම දන්නේ නෑ. සෑහෙන දුරට ඒවා සියල්ලම විනාශ වෙලා කියලා තමයි අපි දකින්නේ''
මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ, මෙය අවාසනාවන්ත තත්ත්වයක් බව ත් මේ වනවිට ධීවර කටයුතුවලට කිසිම බාධාවක් නොමැති බව ත් ය.
''මේක ඉතින් අවසනාවන්ත තත්ත්වයක් අපි බලාපොරොත්තු නොවිච්ච. එකේ එන හැටියට තමයි ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ මේවා ඉතින් අපේ පාලනයෙන් තොර දෙවල්නේ. මේ වනවිට ධීවර කටයුතුවලට කිසිම බාධාවක් මේ පළාත්වල නැහැ. මේ පළාත්වල අපිට දකින්න නැහැ අනතුරකුත් නැති බව විද්‍යාත්මකව කියලා තියෙනවා...''
කෙසේ වෙතත් නාරා ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා පවසන්නේ, මෙම සිදුවීමෙන් අපේ සාගරයේ මත්ස්‍ය සම්පත අඩුවිය හැකි බවයි.
''ජලයේ තාපය වෙනස් වීමෙන් ඉතාමත් අහිතකර විදිහට බලපාන්න පුලුවන්. විශාල මාලුන් ගත්තොත් ඔවුන්ට මේ පී එච් අගය සංවේදීව තෙරෙනවා. එතකොට ඔවුන් ඉක්මනින්ම එහාට යනවා. එතකොට අපේ සාගරයේ මත්ස්‍ය සම්පත අඩුවීමට මේක බලපෑමක් වෙනවා. සාගරයේ පතුල තුළ ඉතාමත් හොද යහන ඝනත්වයකින් යුතු මත්සය කොට්ඨාස ඉන්නවා. උදාහාරණයකට ගත්තොත් ඉස්සො , කකුලුවෝ වගේ අයත් අඉන්නවා ඒ අය සම්පූර්ණයෙන්ම අපහසුතාවයකට හා අනතුරකට ලක්වෙනවා මේ නැවෙන් පිට වෙච්ච මේ අපද්‍රව්‍ය නිසා''
මේ අතර සමස්ත ලංකා ධීවර ජනතා සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, නෞකාව ගිනි ගැනිමේ සිද්ධියක් සමග ධීවර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි බවයි.
''විශේෂයෙන්ම මේ නැව 20 වැනිදා ගිනි ගන්න කලින් 13 වැනිදා තමයි කුණාටුව ගහන්න පටන් ගත්තේ එදා ඉඳලා අපිට රැකියාවක් නෑ. පහුගිය ටිකේ මේ ගිලීමෙන් වෙච්ච පාඩුවට වඩා පාඩුවක් වෙලා තියෙනවා නොයෙකුත් අය හිතෙන හිතෙන විදියට ප්‍රකාශ නිකුත් කිරීම නිසා.''
මේ ම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ධීවරයින් දැයි, එහි සභාපති අරුණ ප්‍රනාන්දු මහතා  වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
''සමහරු ප්‍රකාශ නිකුත් කළේ වෙරළට ආවේ එදා වගේ,දැන් අපි කියන්නේ මේකේ විෂ රසායන ද්‍රව්‍ය තියෙන්න පුළුවන් අපි ඒක දන්නේ නෑ. දැන් පරීක්ෂණ පවත්වන්න ඕනේ අපිද? ආණ්ඩුව පරීක්ෂණයක් පවත්වලා ඉතා ඉක්මනින් ජනතාවට දැනුම් දෙන්න එහෙම කරලා නෑ..''  
https://www.youtube.com/watch?v=UleLcAAiEV4