ආගමික නායකයින්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව දියයුතුයි

භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබා දිය යුතුයි - විපක්ෂ නායක

by Staff writer 31-05-2021 | 10:18 PM

COLOMBO (News 1st) - භික්ෂූන් වහන්සේ, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම පළමුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේ පස් නමක් අපවත්වී ඇති බවයි. මේ පිළිබඳ ආණ්ඩුව ක්ෂණිකව සිය අවධානය යොමුකර භික්ෂූන් වහන්සේලා, අන්‍යාගමික පුජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබා දීම අවශයෙන්ම කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.