''ගොඩ ඉදන් උපදෙස් දෙන්න එපා ගොඩහේවා මහත්තයො ''

''ගොඩ ඉදල අපිට උපදෙස් දෙන්න එපා...! ගොඩහේවා මහත්තයො '' - චමීර පෙරේරා

by Staff writer 31-05-2021 | 11:05 PM
COLOMBO (NEWS1ST) :
''ඒ වගේ දෙයක් වෙච්ච වෙලාවක නිකන් මත පළ කර කර ඉන්න එපා.ඇත්තටම දැනුමක් තියෙනවා නම් ඒ දැනුම පාව්චිචි කරලා අපිට ඒ දත්ත ගෙනත් දෙන්න ඒවා අපිට යොදා ගන්න පුලුවන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට..''
මේ X-PRESS PEARL නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිතතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කළ ප්‍රකාශයකි. තව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, X-PRESS PEARL නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන බවයි. මේ අතර එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර විද්වතුන්, පරිසරවේදීන්, නෞකාවේ ගින්නෙන් මුහුදට සිදුව ඇති හානිය පිළිබඳ පැහැදිලිව කරුණු ඉදිරිපත් කර තිබියදීත් රජයේ වගකිව යුතු බලධාරීන් මෙය ප්‍රශ්නයක් නොවන බව කීම විහිලුසහත බවයි.