ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 31-05-2021 | 11:00 AM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (30) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් හඳුනා ගෙන තිබේ. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 608 යි (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 547 යි ⭕ කළුතර දිස්ත්‍රික්කය – 447 යි ⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 143 යි ⭕ කෑගල්ල දිස්ත්‍රික්කය – 136 යි   සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 183,425 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 14,9825 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 32186කි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (30) තවත් කොරෝනා මරණ 36 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 1441 ක් දක්වා ඉහළ ගියේ ය. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (30) සිදුව ඇත්තේ, මරණ 7 ක් පමණි. අනෙකුත් මරණ 29 වාර්තා වී ඇත්තේ, පසුගිය මැයි 2 වනදා සිට මැයි 29 දක්වා කාලය තුළයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 02 – මරණ 01 මැයි 06 – මරණ 01 මැයි 07 – මරණ 01 මැයි 11 – මරණ 01 මැයි 12 – මරණ 01 මැයි 17 – මරණ 01 මැයි 19 – මරණ 02 මැයි 21 – මරණ 01 මැයි 24 – මරණ 01 මැයි 25 – මරණ 03 මැයි 26 – මරණ 02 මැයි 27 – මරණ 03 මැයි 28 – මරණ 05 මැයි 29 – මරණ 06 එම මරණ වාර්තා වී ඇත්තේ, හැටන්, කඳුරුවෙළ, ගාල්ල (මරණ 2යි) , හොරණ, මතුගම,ගලගෙදර, කළුතර (මරණ 4), අනුරාධපුර, හෙට්ටිපොළ, බද්දේගම, උඩලන්ද, වේයන්ගොඩ, කොළඹ – 6, යපනය, මතුගම, මහනුවර, ගෝනමුල්ල, මග්ගොන, රාජගිරිය, ගිරාදුරුකෝට්ටේ, බදුල්ල, කට්ටුව, මහනුවර, බත්තරමුල්ල, ගලෙන්බිදුණුවැව, මරදන්කඩවල, බලංගොඩ, රත්නපුර (මරණ 2යි), කහවත්ත, වටපොළ සහ කුරුවිට යන ප්‍රදේශවලිනි.