නැවේ තිබු⁣ණේ උපද්‍රවකාරී ද්‍රව්‍යද?

ගිනි ගත් නැවේ බහාලුම්වලින් බහුතරයක තිබු⁣ණේ උපද්‍රවකාරී ද්‍රව්‍යද?

by Staff writer 31-05-2021 | 10:30 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න හටගෙන අදට දින 10 කි.

ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට තවමත් හැකියාව ලැබී නැත. තවදුරටත් නෞකාව අසළ රැඳෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ගින්න නිවා දැමීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය,
"නෞකාව ආසන්නයේ රැඳි ඉන්නවා මේ අදාළ ගලවා ගැනීමේ සමාගම. ඔවුන් නැවට ගොඩ වුණාට පස්සේ තමයි අපිට හරියට කියන්න පුළුවන් වෙන්නේ කොයි තරම් ප්‍රමාණයක් පිච්චුණාද? කොයි තරම් ප්‍රමාණයක් සාගරයට වැටුණාද? කොයි තරම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවාද? කියන එක"
? මේ නැවේ අනතුරුදායක ද්‍රව්‍ය තිබෙන බව කලින් දැන සිටියා ද? පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය ඊයේ(30) මේ පිළිබඳව මෙවැනි අනාවරණයක් කළා ය.
"ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලය, රියාද් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා එකක් නෙවෙයි විෂ සහිත නෞකා දෙකක් මේ කාල වකවානුව තුළ සැරිසරලා තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ට පොලිස් සංවිධානය මේ පිළිබඳව පකිස්ථානය දැනුවත් කරනවා. බංග්ලාදේශය දැනුවත් කරනවා. ඉන්දියාව දැනුවත් කරනවා. එතකොට අපේ ප්‍රශ්නය ලංකාව දැනුවත් කළේ නැද්ද?"
මුහුදු හා නාවික නීති පිළිබඳ විශේෂඥ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා,
"පොස්ට් ස්ටෙට් කන්ටොල්ලාගේ වගකීම තමයි මේ ලංකාව ගත්තොත් ලංකාවේ වරයාන්වලට පැමිණෙන නෞකා සම්බන්ධයෙන් කටයුතු කරලා එවා සුරක්ෂිතව එනවාද ඒවා සුරක්ෂිතව යනවාද කියන කාරණය සම්බන්ධයෙනේ යෙදෙන එක ඔය වගේ පොට් ස්ටෙට් කන්ට්‍රොලස්ලා ඉන්නවා. මේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරාවල් ඔක්කොගේම ඒ යාන්ත්‍රණය තුළ තියෙනවා. ඉන්දියන් ඕෂන් එම් ඕ යු දැන් මේ ගිවිසුමේ පාර්ශ්වයක් අපි ලංකාව. ඉන්දියාවත් පාර්ශවයක්. එතකොට ඉන්දියන් සාගරයට මේ අවබෝධතා ගිවිසුමේ කියනවා යම්කිසි වරායක නැවක් ඇවිල්ලා ඒ නැවට දෙන්න පුළුවන් උදව්ව දෙන්න බැරිනම් යම්කිසි වරායකට එහෙම නම් ඒ නැව යන ඊළඟ වරායට ඒක දැනුම් දෙන්න ඕනේ. මං අහන්නේ අපිට මෙච්චර මේ දෙවල් සම්බන්ධයෙන් ඉන්ෆොමේෂන් ලැබුණේ නැද්ද? මේ සම්බන්ධයෙන් අපිට කරුණු කාරණා වාර්තා වෙන්නේ නැද්ද? ඉන්දියන් ඕෂන් එකේ අවබෝධතා ගිවිසුම එහෙම නම් අපි කුණු කුඩෙට දාන්න අවශ්‍ය වෙනවා"
පසුගිය 28 වැනි දා පැවති මාධ්‍ය හමුවේදී හාබර් මාස්ටර් මේ පිළිබඳව දැක් වූයේ මෙවැනි ප්‍රතිචාරයකි. හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා,
"මෙම කාන්දුව භයානක තත්ත්වයක් නෙවෙයි. ඊට පස්සේ ඒක භයානක වුණා. ඔය නැව ඔය තත්ත්වයේ තිබෙද්දීම හමාද් වරායට සහ හසීරා වරායට යාත්‍රා කළා. එම කාන්දුව සිදු වූ සිදුර වසා තිබුනේ නෑ. ඔවුන් යැවු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එම සිදුරෙන් කාන්දු වුණා. ඒකයි එම සිදුරෙන් ආපු ගින්න නිවා දැමීමට බැරිවුණේ. මෙම නෞකාව වරායෙන් පිට තිබීම නිසා සිසිලන කටයුතු හැම දිශාවකින්ම කළ හැකි වුණා"
හාබර් මාස්ටර්වරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ නැවේ තිබූ අනතුරුදායක තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් තිබූ බව නොවේද? නැවේ තිබුණු අනතුරු දායක ද්‍රව්‍ය මොනවා ද? නැව හිමි සමාගම නියෝජනය කරන සිංග්පුරුවේ එම්.ටී.අයි. නේට්වර්ක් සමාගම මෙම සිදුවීම සම්බන්ධයෙන්ම සකස් කර ඇති තොරතුරු කේන්ද්‍රයට අයත් වෙබ් අඩවියට අනුව ගින්න හටගත් අවස්ථාවේ නෞකාවේ තිබූ බහාලුම් ප්‍රමාණය 1,486කි. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක්. බැර ඉන්ධන ටොන් 297 ක්. තවත් බහාලුම් 81 ක උපද්‍රවකාරී ද්‍රව්‍ය. නෞකාවේ තිබු බහාලුම්වලින් බහුතරය ඩේන්ජරස් ගුඩ්ස් හෙවත් උපද්‍රවකාරී ද්‍රවයයි. සාමාන්‍යයෙන් නෞකාවලින් ප්‍රවාහන කළ හැකි උපද්‍රව්‍යකාරී ද්‍රව්‍ය කාණ්ඩ 9 කට බෙදා තිබේ. එම කාණ්ඩ 9 අතරින් නෞකාවේ නොතිබූ බවට මේ වනවිට නිශ්චිතව තහවුරු වී ඇත්තේ විකිරණශීලි ද්‍රව්‍ය පමණයි. ඒ අනුව පුපුරණ ද්‍රව්‍ය, ගෑස්, ඔක්සිකාරක, වහා ඇවිලෙන සුළු ද්‍රව්‍ය ඇතුළු උපද්‍රවකාරී ද්‍රව්‍ය මෙම නෞකාවේ ද තිබිය හැකියි. රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශය මහාචාර්ය ජිනසේන හේවගේ,
"මේකේ කොස්ටික් සොඩා තියෙනවා. සොඩියම් මෙතොක් සයිඩ්.ඒ වගේම මෙතනොල් තිබිලා තියෙනවා.ඒ වගේම සාන්ද්‍ර නයිට්‍ර්ක් අම්ලය මෙතෙන්දි අපි දැක්ක දෙයක් තමයි මේ නැවේ ගින්න නිවන්න ජලය පාවිච්චි කරනවා. මුහුදේ ඉදන් ජලය පාවිච්චි කරනවා. එතකොට මේ ජලය පාවිච්චි කිරීම තුළින්ම මෙය තවත් විශාල වශයෙන් පුපුරන්න ගින්නට උදව් වෙනවා. තත්ත්වයක් තමයි සිදු වෙන්නේ. වගකීමකින් තොරව විශේෂඥ දැනුමක් නැතුව මේ ගින්න නිවාලන්න ආණ්ඩුව පැත්තෙන් උපදෙස් දීම මත හෝ යම්කිසි අධිකාරියක් මැදිහත් වෙලා තියෙනවා එකෙන් තමයි මේ හානිය සිදු වුණේ"