කපිතාන්ගෙන් ප්‍රකාශ ගැනීම ඇරඹේ..

ගිනි ගත් නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරඹේ..

by Chathuranga Rajapaksha 31-05-2021 | 11:51 AM

ShipCOLOMBO (News 1st): ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.