by Staff writer 31-05-2021 | 10:59 PM
COLOMBO (News 1st) - කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් හා ගොඩනැගිලි කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් සිටී.
පසුගිය මැයි මස 19 වැනි දා ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නාරාහේන්පිට, මිල්කෝ සමාගම පිහිටි අක්කර 7 ක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇත.
'කිරි මණ්ඩලේ වත්ත' නමින් හඳුන්වන මෙම ඉඩම පවරාගෙන ඇත්තේ, 1980 අංක දෙක දරණ නාගරික සංවර්ධන ව්‍යපෘති විශේෂ විධිවිධාන පනතේ දෙවන වගන්තිය අනුවයි.
ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ගුරු නිවාස පිහිටි ඉඩමේ කොටසක් සහ යාබද බෞද්ධාලෝක විහාරය පිහිටි ඉඩමේ කොටසක් ද අයත්වන හෙක්ටයාර 0.2 ක තවත් ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ.
මේ අතර සෙලෙන්දිවා නමින් පුද්ගලික සමාගමක් ආරම්භ කර කොළඹ නගරයේ වටිනා ඉඩම් හා ගොඩනැගිලි කිහිපයක්ම ආයෝජකයින්ට ලබාදීමේ සූදානමක් ගැන පසුගිය සතියේ පාර්ශ්ව ගණනාවක් කරුණු අනාවරණය කළේ ය.
43 වන සේනාංකය නිකුත් කළ නිවේදනයකින් ප්‍රශ්න කරන්නේ ගොඩනැගිලි අලුත්වැඩියාව, සංරක්ෂණය හා බදුදීම පිළිබඳව මීට පෙරත් කටයුතු කර පලපුරුද්ද ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත්කර මෙම කාර්යය වෙනම සමාගමකට පැවරීමේ සැබෑ අවශ්‍යතාව කුමක්දැයි සිතා බැලිය යුතු බවයි.
අමාත්‍ය මණ්ඩලය අනුමත කළ පත්‍රිකාවට අනුව සෙලෙන්දිවා සමාගම යටතේ එක් එක් ව්‍යපෘති සඳහා පිහිටුවන විශේෂ කාර්යය වාහක හෙවත් එස්.පී.වී. හරහා ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සිදුවේ.
කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, යෝර්ක් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල සහ
මහතැපැල් කාර්යාලය දැනට සෙලෙන්දිවා සමාගම හරහා ක්‍රියාත්මක ආයෝජන ව්‍යපෘති අතරට ඇතුළත් කර ඇත.
43 වන සේනාංකය ප්‍රශ්න කරන්නේ සෙලෙන්දිවා සමාගම තම ව්‍යපාර කටයුතු ක්‍රියාත්මක කරන්නේ කුමන පනතක් යටතේදැයි සොයා බැලිය යුතු බවයි.
සමාගම ක්‍රියාක්මක වන්නේ දැනට පවතින සමාගම් පනතට යටත්වද? විශේෂ ව්‍යපාර පහසුකම් අනුවද? නැතහොත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන අනුවදැයි පැහැදිලි කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
43 වන සේනාංකය අනතුරු අගවන්නේ වරාය නරගයට ලබාදෙන වරප්‍රසාද මත මෙම ව්‍යපෘති ක්‍රියාත්මක වුවහොත් සියලු සහන සමග විදේශීය ව්‍යාපාරිකයින්ට පමණක් මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව සැලසෙන බවය.