ඉන්දියාව කොරෝනා තුන්වැනි රැල්ලට සැරසෙයි

ඉන්දියාව කොරෝනා තුන්වැනි රැල්ලට මුහුණදීමට සැරසෙයි: මහාරාෂ්ට ප්‍රාන්තයට පැනවූ දැඩි සීමා දීර්ඝ කෙරේ..

by Staff writer 31-05-2021 | 9:31 AM

News 1st - කොරෝනා තුන්වැනි රැල්ලට මුහුණ දීමට සූදානම් වන්නැයි ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය උදව් තක්රි පවසයි.

ඔහු කියා සිටියේ, ජනතාව මේ වනවිට අනුගමනය කරමින් සිටින සෞඛ්‍ය උපදෙස් කිසිදු අයුරකින් ලිහිල් නොකරන ලෙසය. කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මහාරාෂ්ට ප්‍රාන්තයට පනවා තිබූ දැඩි සීමා ජුනි 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. කෙසේවෙතත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, සුවය ලබන කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශතය 92 %ක් බවයි. මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වාර්තා වන කළු දිලීර ආසාදිතයින් සංඛ්‍යාව 3000 කි. මේ අතර කොවිඩ් හේතුවෙන් සිය දෙමව්පියන් අහිමි වූ දරුවන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත. ඊට අදාළ මාර්ගෝපදේශයන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.