ආචාර්ය කෙනත් ද සිල්වා ලංකා ක්ලියර්හි සභාපති ධුරයට

ආචාර්ය කෙනත් ද සිල්වා ලංකා ක්ලියර්හි සභාපති ධුරයට පත් කෙරේ

by Staff writer 31-05-2021 | 9:15 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පියවීම් ජාලය වන ලංකා ක්ලියර් හි සභාපතිවරයා ලෙස ආචාර්ය කෙනත් ද සිල්වා මහතා පත් කර තිබේ.

ජුනි පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි වසර 3ක කාලයක් සඳහා ලංකා ක්ලියර් හි සභාපති ලෙස ආචාර්ය කෙනත් ද සිල්වා මහතා පත් කරනු ලැබ ඇත්තේ, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසිනි. ආචාර්ය කෙනත් ද සිල්වා මහතා මේ වන විටත් කොළඹ වරාය නගරය ඉදිකිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන චයිනා හාබර් ඉංජිනියරිං කෝපරේෂන් සමාගමේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකි. ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන ලංකා ක්ලියර් මහ බැංකුවේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ මගින් සියලු ම දේශීය අන්තර් බැංකු ගෙවීම් සඳහා පහසුකම් සපයන අතර රටේ බැංකු හා මූල්‍ය අංශයට අත්‍යවශ්‍ය හා රටට බලපාන තීරණාත්මක සේවා සපයයි.