by Staff writer 30-05-2021 | 8:38 PM
COLOMBO (NEWS1ST) : බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හෂීනා මහත්මියගේ විශේෂ සහකාර ෂාක් අලි ෆර්හාද් පසුගිය දිනක නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ, සයිනොෆාම් එන්නත් මිලියන 15ක් ලබා ගැනීමට ඩොලර් මිලියන 150 ක මුදලක් එරට කැබිනට් මණ්ඩලය අනුමත කළ බවයි.
ඒ් චීන හා බංග්ලාදේශ රාජ්‍යයන් දෙක අතර ඇති කර ගන්නා ගිවිසුමක් බවත් එහි දැක්විණ.
මෙම ට්විටර් පණිවුඩය හේතුවෙන් සාමජ මාධ්‍යයේ මත පළව තිබුණේ, චීනය බංගලාදේශයට ඩොලර් 10ක මුදලකට ලබා දෙන එන්නත ශ්‍රී ලංකාව ඩොලර් 15 කට මිලදී ගැනීම විමතිය දනවන්නක් බවයි.
මේ අතර බංග්ලාදේශයට වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ලබා දෙන බවට පළ වන ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කර්යාලය ඊයේ (29) පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ.
ඒහි දැක්වෙන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් සයිනොෆාම් සමූහයෙන් මෙන්ම චීනයේ බංග්ලාදේශ තානාපති කාර්යාලයෙන් ද කරුණු විමසූ බවයි.
ඒ් අනුව බංග්ලාදේශය හා සයිනොෆාම් සමූහය අතර මිල ගණන් ඇතුළත් ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව සඳහන් කරන චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යාජ පුවත් පළ වෙමින් පැවතීම ඔවුන්ගේ මිල පිළිබඳ සාකච්ඡාවන්ට බාධාවක් වන බවයි.
එ් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රශ්න කර තිබුණේ, චීනය ඒකම ඒන්නත විවිධ රටවලට විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුව කුමක් ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, එය සෑම ඖෂධ නිෂ්පාදන සමාගමකට ම පොදු සාධකයක් බවටයි.
ශ්‍රී ලංකාව සයිනොෆාම් එන්නත සඳහා වේගවත් බෙදා හැරීමත් සමග හොඳ වෙළෙඳපොළ මිලක් ලබා ගෙන ඇති බව ද තානාපති කාර්යාලය පවසයි.