කපිතාන්ගෙන් ප්‍රකාශ ගැනීම කල් යයි..

ගිනි ගත් නැවේ කපිතාන්ගෙන් ප්‍රකාශය ලබා ගැනීම හෙටට කල් යයි..

by Staff writer 30-05-2021 | 10:15 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ පිටත වරායේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් (CID) පිරිසක් අද(30) පස්වරුවේ පැමිණ තිබේ.

කපිතාන්වරයා ඇතුළු නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ වනවිටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින්නේ වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික හෝටලයකයි. නෞකාවේ කපිතාන්වරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද පස්වරු 3.45 ට පමණ පැමිණියේය. එක්ප්‍රස් පර්ල් නෞකාවේ පිරිස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිපුණ විමලසේකර මහතා පැවසුවේ, එම නෞකාවට අදාළ සියලු ලේඛන කපිතාන්වරයා සතුව නොතිබි බැවින් සාක්ෂි සටහන් කර ගැනීම හෙට(31) දිනට කල් තැබූ බවය.